මහින්දානන්දටත් රටින් පිටවීම තහනම්!

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීම වළක්වන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

අලුත්ගමගේ මහතා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් මෙම තීරණ ගෙන ඇතැයි සඳහන්ය.


ඒ අනූව ඔහුගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවනු ඇත.


මීට පෙර මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන යන අයගේද විදේශ ගමන් අත්හිටුවන ලෙස අල්ලස් කොමිසම දැනුම්දී තිබුණි.



Post a Comment