ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දීම නිසා පිනට ලැබුණු නිවසද අහිමිව දරුවන් සමග පාරට වැටුණු අසරණ මව ගැන පුවත සැලවී ඇයට රජයේ වියදමින් නිවසක් තනාදීමට නිවාස හා සමෘද්ධි ඇමති සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
ඒ අනූව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රීක් කළමනාකාර ආර්. ඉන්දික ප්‍රතාප් ඇතුළු නිලධාරීන් අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයෙන් රජයට අයත් ඉඩමක පර්චස් 6ක් වෙන්කර ඇයට නව නිවසක් තනාදීමේ කටයුතුවලට අද මූලිකත්වය ගත්තේය.
නිවස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රජයෙන් සැපයෙන අතර ශ්‍රමදායකත්වය ප්‍රදේශවාසින්ගෙන් ලබා ගැනීමට තීරණය කර ඇත.
නිවාස හා සමෘද්ධි ඇමති සජිත් ප්‍රේමදාස මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ රජයේ යෝජිත දින 100 වැඩපිළිවෙළට සමගාමීව නව නිවසද ඉදිකර අවසන් කරන ලෙසටය.
ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදීම නිසා එතෙක් කලක් දරු තිදෙනා සමග රැඳි සිටි නිවසින් ඔවුන්ට ඉවත්ව යාමට සිදුවුයේ නිවස හිමි කාන්තාව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉකුත් ජනාධිපතිවරණයේදී සහය පළ කිරීම නිසාය.
මීට අදාළ පෙර පුවත් පහතින් බැලිය හැකිය.

Post a Comment