පෙරට වඩා ශක්තිමත් සබඳතාවක් පවත්වා ගන්න සුදානම්

පෙර පැවති සබඳතාවන්ට වඩා ශක්තිමත් අයුරින් ශ්‍රී ලංකාවේ නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඉරානය පවසයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති හසන් රෞහානි මේ බව ප්‍රකාශ කර තිබේ.


මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


විවිධ කේෂ්ත්‍ර සම්බන්ධයෙන් මෙරට සමග පැවති සමීප සහයෝගීතාව වඩාත් පුළුල් අයුරින් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව ඉරාන ජනපති හසන් රෞහානි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



Post a Comment