මංගල අද යුරෝපයට යයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යුරෝපා සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ අද(25) දිනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවෙන් මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදි ගැනීම පසුගිය 15 වන දින සිට අත්හිටුවනු ලැබුණි.


එම තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.



Post a Comment