අදත් පාර්ලිමේන්තුව අවට පාරවල් වැසෙයි

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග කිහිපයක් අද(28) තාවකාලිකව වසා දමා ඇති පොලිසිය පවසයි.

පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ජාතික නිදහස් දින උත්සවයේ පෙර පුහුණුවීම් සඳහා මෙම මාර්ග තාවකාලිකව වසා තැබෙන බවයි.


අද (28) උදැසන 8.30 සිට දචහවල් 12.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බව වාර්තාවෙයි.


ඒ අනුව ජපන් මිත්‍රත්ව පාර, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට පාර, කියන්නෑම් හංදිය, පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර යන මාර්ගවල අදාළ කාලය තුළ වාහන ගමනාගමනය සීමා වන බව සඳහන්ය.


මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලිසිය සඳහන් කළේය.



Post a Comment