තියුණු ආයුධයකින් පහරදී කතක් මරලා

කඹුරුපිටිය, රංහෑගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ.

පහරදීමෙන් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා අඳපාන රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 80 හැවිරිදි කඹුරුපිටිය, රංහෑගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.


ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 න දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment