දිය නාන්න ගිය තරුණයා අතුරුදහන්

වෙන්නප්පුව - කඩවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(12) සවස මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.


මුහුදේ ගිලී අතුරුදහන්වී ඇත්තේ පේරාදෙණියේ පදිංචිකරුවෙකු වන ශාන් චාමර (අවු:21) නම් අයෙකු වන අතර ඔහු වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රදේශයේ මල් සැරසිලි කරන ආයතනයක සේවය කරමින් සිට ඇත.


මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති තරුණයා තම මිතුරන් පිරිසක් සමග මුහුදේ දිය නෑමට ගොස් සිටින විට මෙම අනතුර සිදුවී ඇත.


අතුරුදහන්වූ තරුණයා සොයා 12 වැනිදා සවස ප්‍රදේශයේ ධීවරයින් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් පවතින දැඩි අඳුර හේතුවෙන් ඊට බාධා එල්ලවී ඇත.


අතුරුදහන්වූ තරුණයා සොයා වැඩි මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.



Post a Comment