අද(12) පස්වරුවේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මැතිවරණයෙන් පසු සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ අයට කිසිදු බේදයක් නොසලකා පාක්ෂිකත්වයක් නොසලකා දඬුවම් පැමිණවීම සඳහා නීතිය හමුවට පමුණනවා බව ඔහු එම අවස්ථාවේදී කීවේය,
අපි පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් එසේත් නැතිනම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවත්, මේක එක් පක්ෂයක ආණ්ඩුවක් නොවන බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
පෞද්ගලික හා පොදු කාර්යයන් තුළදී ඇමතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන් රටට ලබාදෙන ආදර්ශය වැදගත් බවත්, පසුගිය කාලයේදී දේශපාලනඥයින් චරිතය නැති කර ගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
තමන්ගේ ක්‍රියාකලාපය අමතක කර පෞද්ගලිකත්වය තුළ කටයුතු කිරීම නිසා එය සිදුවූ බව සිත් හි තබා ගත යුතු බවත්, කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 30 කින් එහා යන්නේ නෑ කියලා තමන් පොරොන්දු වුණු බවත් හෙතෙම අවධාරණය කළේය.
අද ලැබෙන තනතුර හෙට නැතිවෙනවා කියා මතක තබාගෙන කටයුතු කළ යුතු බවත්, නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් නොවිය යුතු බවත් එහිදි ඒ මහතා කීවේය.

Post a Comment