ජනාධිපති කාර්යාලයේ වාහන වහාම බාරදිය යුතුයි

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලය සතු විශාල වාහන ප්‍රමාණයක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරමින් සිටින බවයි.


විවිධ පුද්ගලයින් විසින් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතු වාහන කැබලි කරන බවට ද තොරතුරු ලැබී තිබේ.


එබැවින් මෙතෙක් බාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් බාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.


මේ අතර දින 100කින් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පියවර ගන්නා බවයි.


නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය


එහිදි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පල කළා.



Post a Comment