නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි.
අද පස්වරුවේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.
දූෂණ වංචා නැති කරන බව ෛමත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ මැතිවරණ වේදිකාවේදී කියා සිටි බව සිහිපත් කළ ගාලු නගරාධිපතිවරයා එසේ නම් එම කටයුතු වලට තමාගේ ද සහය ලබාදෙන බව පැවසුවේය.
සෑම දූෂණ වංචාවක්ම හෙළිදරව් කරන්නේ නම් තමා ඊට සහය දෙන බවත්, හැකි නම් එම කටයුතු දකුණු පළාත් සභාවෙන්ම ආරම්භ කරන ලෙසත්, ඔහු නව ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

Post a Comment