පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාඇල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පිරිස පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ ජාඇල පිහිටි නිවසට ගොස් පහරදීම සිදුකර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ජාඇල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව නගර සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Post a Comment