9 වැනිදා අළුයම කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ නිලධාරීන්ට ස්තූතියි!

ඡන්ද ප්‍රතිඵල වලින් පරාජය හිමිවන බව දැන ගැනීමෙන් පසු 9දා අළුයම 1ට නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා හමුදාපතිවරයා අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කර හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළ බව එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.

කෙසේ වෙතත් එම නිලධාරීන්ගේ සහයෝගයක් ඔවුන්ට නොලැබුණු නිසා එම සැලසුම අසාර්ථක වූ බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.


තමන් ඉතා වගකීමෙන් ‍එය ප්‍රකාශ කරන බවද මංගල සමරවීර මහතා අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.


ඒ අනූව එම කුමන්ත්‍රණය අසාර්ථක කිරීමට මුල්වූ පොලිස්පතිවරයාට, හමුදාපතිවරයා ඇතුළුව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ස්තූතිය පළ කරන බව මංගල සමරවීර මහතා පැවසීය.


රට කෙතරම් අඳුරට ගියත් මහා විනාශයකින් රට ගලවා ගැනීමට කැපවූ මැතිවරණ කොමසාරිස් හා පොලිස්පතිගේ අවංක භාවය, එඩිතර භාවය ගැන අවංකම ප්‍රසාදය පළ කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment