ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව එම සංවිධානය විසින් අද (12) පස්වරුවේ කැඳවූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.
මීට වසර දෙකකට ඉහතදී බොදුබලසේනා සංවිධානය බිහිකළේ සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න දිහා තවදුරටත් ඇස්වසාගෙන බලා සිටීමට නොහැකි වූ නිසා යැයි උන්වහන්සේ පෙන්වාදුන්නේය.
මේවන විට දිනෙන් දිනම සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙමින් පවතින බවත්, ඒ වෙනුවෙන් අපි නව රජයේ ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත්, ඥානසාර හිමියන් පැවසීය.
හිටපු රජයට සිය සංවිධානය සෘජුව හෝ වක්‍රව සහය නොදුන් බවත්, එම රජය දුන් එකම සහය අපිව මර්දනය නොකිරීම බවත්, උන්වහන්සේ කියා සිටියේය.
තම සංවිධානය ජාතික ව්‍යාපාරයක් බවත්, අවසන් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නේ මුස්ලිම් නායකයින් ටික මෛත්‍රී මහතාට සහයදීමට ඉදිරිපත් වූ නිසා යැයිද උන්වහන්සේ සඳහන් කළේය.
කෙසේ හෝ සිංහල බෞද්ධ ජනතාවට ඇති ප්‍රශ්න සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන්නැයි උන්වහන්සේ නව ජනපතිගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
එසේ අප බොහෝම ඉවසීමෙන් ඉදිරියේ සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් පසුවන බවද ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment