කැබිනට් මණ්ඩලය අද නම් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම්දීමට නියමිතව තිබේ.

මෙම කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.


ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙලෙස තිස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්වනු ඇති බව වාර්තා වෙයි.


කැබිනට් මණ්ඩලය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කර ඇති බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මතය ප්‍රකාශ කර නොමැත.



Post a Comment