නිල කාලය ඉවර වෙන්න කලින් පරීක්ෂණයක් කළොත් හොඳයි

තමන්ගේ ධුර කාලයේ දී දූෂණ වංචා සිදුවී ඇති බවට තොරතුරු පවතින්නේ නම් තම නිල කාලය අවසන් වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරයි.


කතරගම බස්නායක නිලමැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසීය.



Post a Comment