අගවිනිසුරුගෙන් පොලීසියට පැමිණිල්ලක් - පොලීසිය උසාවි යයි

තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත.


මේ සම්බන්ධයෙන් කරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනූව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට පියවරගෙන තිබේ.


මේ අතර අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ විය.


විවිධ විරෝධතා පුවරු රැගත් නීතිඥයින්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment