හියුගෝ ස්වයර් දිවයිනට පැමිණෙයි

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිනයේ ඔහු දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.


නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර හියුගෝ ස්වයර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වෙයි.


හියුගෝ ස්වයර් මහතා සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබේ.


එහිදී නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවනු ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.



Post a Comment