දේශපාලන පලිගැනීම් වහා නතර කළ යුතුයි

දේශපාලන පලිගැනීම් වහා නතර කළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඡන්දයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිය පාක්ෂිකයින්ට සිදුවන හිරිහැර ගැන වාර්තා වී ඇති බවද, කළුතර, අගලවත්ත සිද්ධිය එයට ආසන්නතම ‍සිද්ධියක් යැයි හිටපු ජනපති අද මහනුවරට පැමිණිවිටදී මාධ්‍ය අමතමින් පැවසීය.


මහනුවරට පැමිණියහොත් සාමාන්‍යයෙන් තමන් දළදා වඳින බවද ඒ මහතා කියා සිටියේය.


ජනපතිවීමට පෙරත්, පසුවත්, දැනුත් එය කරන බවද, එය අලුත් දෙයක් නොවන බවද, ඒ මහතා පැවසීය.


1931 සිට මේ දක්වා කාලය තුළ පළමු වතාවට පොලීසිය තම නිවස පරික්ෂා කළ බවත්, මෙවැනි සිද්ධීන් අනූව දේශපාලන සදාචාරය තිබිය යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.



Post a Comment