අගලවත්ත සිද්ධිය - ජනපතිගෙන් පොලිස්පතිට නි‍යෝගයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධ වූ මතුගම, අගලවත්ත ප‍්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති‍ මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඒ සඳහා පොලිස් කණ්ඩායමක් පත්කරන ලෙසට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.


මතුගම, අගලවත්ත නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබියදී එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.


එහිදී මුරුගන් පුෂ්පකුමාර නැමැති පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාව පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහරදෙන අයුරුද දක්නට ලැබිණ.


ඒ අනූව මෙම සිද්ධිය ගැන මාධ්‍ය මගින් ද තොරතුරු වාර්තා කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.



Post a Comment