දුමින්දගේ සියලු ගිණුම් පරික්ෂා කරන්නැයි උසාවිය නියෝග කරලා - අජිත් රෝහණ

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු‍ මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට උසාවි නියෝගයක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා කියයි.

පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.


ඒ අනූව දුමින්ද සිල්වා විසින් මෙරට සියලු මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට අධිකරණ නි‍යෝගයක් ලැබී ඇතැයි අජිත් රෝහණ මහතා එහිදී කියා සිටි‍ෙය්ය.



Post a Comment