බස් ගාස්තු 1 වැනිදා සිට අඩු කරනවා - අවම ගාස්තුව 8යි

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලබන මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර අගයකින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

ඒ අනූව අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 8 දක්වා අඩු කරන බව අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.


තෙල් මිල අඩු කිරීමෙන් පසු බස් ගාස්තු ද අඩු කළ යුතු බවට බස් සංගම් පසුගියදා තීරණය කළේය.


ඒ අනූව ඔවුන් පවසා තිබුණේ බස් ගාස්තු සියයට 7ත් 8ත් අතර අගයකින් අඩු කිරීමට සුදානම් බවකි.



Post a Comment