ශ්‍රී ලංකාවේ හයවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිතව තිබේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ කොළඹ හත ටොරින්ටන් පෙදෙස නිදහස් චතුරස්‍ර භූමියේ දී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙනු ඇති බවයි.
ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉඩකඩ සලසාදීමේ අරමුණින් අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම පියවර ගන්නා ලදී.

Post a Comment