පා‍ළු ළිඳෙන් හමුවූ ලිපිගොනු ගැන පරීක්ෂණ අරඹයි.

මිණුවන්ගොඩ, වටිනාපහ ප්‍රදෙශයේ නිවසක් පිටුපස පාළු ළිඳක සඟවා තිබියදී සොයාගත් ලිපිගොනු තොගය පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ ළිඳේ තිබී ලිපිගොනු අඩංගු ගෝනී 19ක් ඊයේ(24) පොලීසිය විසින් සොයාගෙන තිබුණි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම ලිපිගොනු කවර ආයතනයකට අයත් වන්නේ ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බවයි.


අදාළ ලිපිගොනු තිබු ළිඳ පිහිටි නිවස හිටපු අග්‍රාමාත්‍ය දිමු.ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ බවට අනාවරණය වී තිබේ.



Post a Comment