මනූෂත් එපා - ගාල්ලේ විරෝධතා

ගාලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායකක්කාර මහතා නව රජයට එක්කර නොගන්නා ලෙසට බලකරමින් මේවන විට ගාල්ල නගරයේ විරෝධතාවයක් පැවැත්වෙයි.

එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර ඔවුන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේත්, ගාල්ල නගරයේ පිහිටි මහ වීදියෙත් විරෝධතා දක්වමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.


ඉකුත් ආණ්ඩුවේ සිටි බොහෝ දෙනෙකු නව ආණ්ඩුවට සම්බන්ධ කරනොගන්නැයි කියමින් පසුගිය දිනවල දිව‍යිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙන අයුරු දැකගත හැකි විය.



Post a Comment