ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා මෙරටට ලැබෙන ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමට කටයුතු කරන බව මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
විවිධ හේතූන් මත ප්‍රමාද වු ආයෝජන ව්‍යාපෘතිවල ගැටලු පිළිබඳ සොයා බලමින් ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ කටයුතු කරන බව අමාත්‍යවරයා කියයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉදිරියේ දී ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘතියක්ම විනිවිදභාවයෙන් යුතුව රටටත් ජනතාවටත් හිතකර අයුරින් සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Post a Comment