එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කීමූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබපැතුම් එක්කර තිබේ.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වන බැන්කී මූන් මහතා මෙලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් අමතා සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදි බැන්කී මූන් මහතා විමසීමක් කර තිබේ.
අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඛණ්ඩ සහය ලබාදෙන බව බැන්කී මූන් මහතා ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමය සම්බන්ධයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ බැන්කී මූන් මහතා සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

Post a Comment