ඉන්දියාවෙන් ලංකාවට ගංජා ගේන්න බැරිවෙයි

ඉන්දීය රුපියල් කෝටි 144ක වටිනාකමින් යුතු ගංජා තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාමේෂ්වරම්, තංගචිමඩම් ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.


මේ සම්න්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment