අතුරුදහන් කොමිසම මේ සතියේ රැස්වෙයි

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ෂණ කොමිසම මෙම සතිය තුළදී රැස්වී සිය ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවෙයි.

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශණ කිරීමේ ජනාධිපති කොමිසම පසුගිය වසර පුරාවට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජන හමු පවත්වමින් සාක්ෂි එක්රැස් කිරීම සිදු කළේය.


ඔවුන් පසුගිය වසර තුළදී ජනහමු 9ක් පවත්වා තිබේ.


ඒ අනුව මේ වනවිට ඔවුන් අදාළ සාක්ෂි විමර්ශනය කරමින් සිටින බව වාර්තා වෙයි.


අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට මේ වනවිට පැමිණිලි 19 806 ක් ලැබී තිබේ.


එම පැමිණිලි අතර හමුදා සාමාජිකයිගෙන් ලද පැමිණිලි 5000 ක් ද වන බව එම කොමිසම සඳහන් කළේය.


මේ අතර මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්ද අතුරුදන් වූවන්ගේ කොමිසම සාක්ෂි ලබා ගත් අතර එම කටයුතු පසුගිය දෙසැම්බර් මස 31 වන දින අවසන් වුණි.



Post a Comment