මැ.කොගේ ආරක්ෂකයෙක් රිය අනතුරකින් මරුට

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

අද(12) පෙරවරුවේ තවත් පොලිස් නිලධාරියෙකු සමඟ ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ‍මෙම අනතුරු සිදුවී ඇති බව වාර්තා වෙයි.


අදාළ යතුරු පැදිය මහරගම, වත්තේගෙදර ප්‍රදේශයේදී වාහනය ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාට තුවාල සිදුවී ඇති අතර කළුබෝවිල රෝහලට ඔවුන් ඇතුළත් කර ඇත.


එහිදී එක් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මියගිය පුද්ගලයා 28 වියෙහි පසුවන බව වාර්තා වෙයි.



Post a Comment