මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මීළඟ සුදුස්සා පත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා ප්‍රකාශ කළේ ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු බව මැතිවරණ මහලේකම් කාර්යාලයට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව 2010 ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පස්වැනි ස්ථානයට මනාප ලැබු ඩී.ආර්.ජයසිංහ බණ්ඩාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවනු ඇත.
අදාළ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු තේරී පත්ව තිබුණි.

Post a Comment