ඉන් පසුව නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දෙමළ ජනයාගේ අවශ්‍යතාවන් ඉල්ලා සිටින බව එම සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටියි.
ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් අද (13) වව්නියාවේ ටෙලෝ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ යෝජනා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී කියා සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් සහයෝගය ලබාදුන්නද සිරිසේන මහතා සමග කිසිදු ගිවිසුමකට එළඹ නොතිබුණු බව අඩෙයිකලනාදන් මහතා පෙන්වා දුන්නේය.
යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරවීම, ඔවුන්ට ස්ථීර නිවාස ලබාදීම, මිය ගිය හා අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කොට සාධාරණත්වය ඉටුකිරීම,ඉඩම් ලබා ගැනීම යන ඉල්ලීම් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.
අනතුරුව උතුරු පළාත් සභාවට හිමිවන බලතල පිළිබඳවද, ආරක්ෂක නිලධාරියෙකු නොවන පුද්ගලයෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ගැනීමටද ඉල්ලීම් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment