එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට සංවිධායකවරිය වන ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ක්‍රිෂාන්ත සුමිත් බණ්ඩාර මහතා ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අද උදෑසන තලාතුඔය පොලීසියට බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පසුගිය 11 වනදා තලාතුඔය උඩදෙණිය ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.
අද දිනයේ අත්අඩංගුවට ගත් සභාපතිවරයා ඇතුළු සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment