කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් රක්නා ලංකා නම් පෞද්ගලික ආරක්ෂක ආයතනයට අයත් අවි ගබඩාව මේ වන විට විවෘත කර ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති අවි ගබඩා කළ ස්ථානය මේවන විට විවෘත කර විමර්ශන කටයුතු අරඹා ඇති බවයි.
එම ගබඩාව තුළ නීති විරෝධී ගිනි අවි තිබේ ද, අවි ගබඩා කිරීම සඳහා නිසි අවසරයක් ගෙන ඇත්ද යන්න පිළිබඳ මෙහිදී පරීක්ෂා කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කළේය.
මේ වන විටත් එහි ඇති අවි ආයුධ රාශියක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

Post a Comment