එක් දිශාවකට රථවාහන ධාවන සැලැස්මක්

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාර සහ විවේකානන්ද පාර ප්‍රදේශයේ හෙට දිනයේ පැය කිහිපයක් රථ වාහන එක් දිශාවකට පමණක් ධාවනය කරවීමේ පෙරහුරුවක් පැවැත්වෙන බව පොලිසිය පවසයි.

හෙට පෙරවරු 6 සිට 11 දක්වා සහ පස්වරු 03 සිට රාත්‍රී 7 දක්වා මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.


ඒ අනුව අදාළ කාලය තුළ රාම ක්‍රිෂ්ණ පාරේ, ගාලු පාර සිට මුහුදු බඩ මාර්ගය දෙසට පමණක් රථ වාහන ධාවනය කළ යුතු බව පොලීසිය පවසයි.


එම කාලය තුළ විවේකානන්ද පාරේ මුහුදුබඩ මාර්ගයේ සිට ගාලුපාර දෙසට ධාවනය වන රථවාහන පමණක් ධාවනය කළ යුතු බව සඳහන්ය.


ඒ අනුව මුහුදුබඩ මාර්ගය ඔස්සේ පැමිණ, ගාලු පාරට අවතීර්ණය වීමට පැමිණෙන සියලු වාහන විවේකානන්ද පාර භාවිත කරන ලෙසත්, ගාලු පාරේ සිට මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ වන සියලු වාහන රාමක්‍රිෂ්ණ පාර භාවිත කරන ලෙසත්, පොලිසිය දැනුම් දෙයි.



Post a Comment