මුතුහෙට්ටිගේ නඩුව කල්යයි - තව මාස තුනහමාරකින් මහින්ද යුගයක් එනවා

වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහි නඩුව ලබන මස 23දා තෙක් කල්දැමීමට අද බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝගය කළේය.

සැකකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අද උසාවියට ඉදිරිපත් කළ අතර ඔහුට එරෙහි සාක්ෂි ඇතුළු සෙසු වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වීම නිසා නඩුව කල්ගිය බව අප වාර්තාකරු පැවසීය.


අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියා සිටියේ තමන් නොකළ වරදකට නඩු වැටුණු බවයි.


කෙසේ වුවද උසාවියෙන් සාධාරණය ඉටුවනු ඇතැයි විශ්වාස කරන බවත්. තමන් අටලෝදහමට කම්පා නොවන බවත් පැවසූ හෙතෙම තවත් මාස තුනහමාරකින් මහින්ද යුගයක් බිහිකරන බව අවධාරණය කළේය.



Post a Comment