සරණාගත කඳවුරේ උපවාසයට ලාංකිකයිනුත්

පැපුවා නිව්ගිනියාවේ මානුස් දූපතේ ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරක රඳවා සිටින සිය ගණනක පිරිසක් මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

උපවාසයේ යෙදී සිටිනන් අතර ශ්‍රී ලංකිකයන් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.


උපවාසයේ යෙදී සිටින ඇතැම් සරණාගතයින් මුඛය විවෘත කළ නොහැකි අයුරින් තොල් පෙති එකට තබා මසා ගෙන ඇති බව ද වාර්තා වේ.


2013 වසරේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධි සංක්‍රමණිකයින් පැපුවා නිව්ගිනියාවේ සරණාගත කඳවුරු වෙත යොමු කෙරෙයි.


ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක මුදලක් ගෙවා තිබුණ ද පැපුවා නිව්ගිනියාව විසින් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Post a Comment