කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙයි.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් උද්ඝෝෂණය පැවැත්වෙන බව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්‍රථිපල නිකුත් කරන දිනයේදී අග විනිසුරුවරයා දේශපාලනික කටයුතු සඳහා සහභාගී වීම සහ නීත්‍යනුකූල පත්වීමක් ලබා නොමැති වීම ද උද්ඝෝෂණය පැවැත් වීමට හේතුවන බව වන්නිනායක මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ අතර හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි එම තනතුරේ පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර තිබේ.

Post a Comment