රහස් ඔත්තුවෙන් හඳුන්නෙත්ති සෙත්සිරිපායේ - පොලිස් ආරක්ෂාවත් ඉල්ලයි

රජයේ නිවාඩු දිනයක් වන අද (15) සෙත්සිරිපායේ අමාත්‍යංශ කිහිපයක ඇති වටිනා ලියකියවිලි කුණු කූඩයට දැමීමට යන බවට ලැබුණු දුරකථන ඇමතුමක් මත ජවිපෙ සුනිල් ‍හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වහා එහි ගොස් පරික්ෂා කර තිබේ.

මේ ගැන අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මහාමාර්ග, හා නිවාස ඉදිකිරීම් අමාත්‍යංශවලින් මෙම වටිනා ලියකියවිලි ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි.


තමා විසින් මතුපිටින් කළ නිරීක්ෂණය අනූව ඒවායේ වැදගත් ලියකියවිලි ගණනාවක් ඇති බවත්, ඒ අතර මග නැඟුම, කාපට් ව්‍යාපෘති සම්බන්ධ ලියවිලිද වන බව හෙතෙම කියයි.


එසේම ජනතාවගෙන් ලැබුණු ලිපි, උපාධිධාරීන්ගේ ඉල්ලුම්පත් ඇතුළු වටිනා ලියකියවිලි තොගයක් මෙලෙස කුණු කූඩයට දැමීමට සැලසුම් කිරීම ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙසත්, ඊට වහා පොලිස් ආරක්ෂාව යොදන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.



Post a Comment