අද දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ ධාවනය වන අංක තහඩු රහිත වාහන පොලිසිය බාරයට ගැනීමට තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ලියාපදිංචි අංක තහඩු නොමැති වාහන, ව්‍යාජ අංක තහඩු සහිත වාහන සහ අංක තහඩු අපැහැදිලි වාහන පොලිසිය බාරයට ගැනීමට තීරණය කර ඇති බවයි.
ඊට අමතරව ව්‍යාජ ලෙස වී.අයි.පී, වී.වී.අයි.පී ලේබල් සහිතව ගමන් කරන වාහනද පොලිසිය බාරයට ගන්නා බව අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.
මේ පිළිබද සියළු මාර්ග බාධක , ජංගම සංචාරක නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව වාර්තාවෙයි.
මේ අතර ජනාධිතිවරණය සඳහා පොලිස් නිලධාරීන් 71,100ක් රාජකාරී කටයුතු සඳහා මේ වනවිට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Post a Comment