රටින් පිටවෙන්න අදහසක් නෑ - නිර්දෝෂීභාවය ඔප්පුවෙයි

රටින් පිටව යාමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

තමා අපකීර්තියට පත් කිරීම සඳහා මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.


මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වසර අටහමාරක කාලය තුළ මෙරට ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමට තමාට හැකි වු බව ඔහු පවසයි.


එමෙන්ම පසුගිය 9 වැනිදා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වු තමන් නිල නිවසින් ද පසුගිය 15 වැනිදා ඉවත්ව ගිය බව එම නිවේදනයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.


තමාගේ නිර්දෝෂීභාවය ඉදිරියේදී ඔප්පුවනු ඇති බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.


කෙසේ වුව ද හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනක කාලයකට අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.



Post a Comment