තඹුත්තේගමදී පොලීසියට ප්‍රහාරයක්

තඹුත්තේගම නගරයේ හෝටලයකදී පුද්ගලයින් තිදෙනෙ‍කු අතර ඇති වූ ආරවුලක් නිරාකරණය කිරීමට ගිය බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එම සැකකරුවන් ප්‍රහාරයක් එල්ල කර, නිලධාරියෙකුගේ රිවෝල්වරයක්ද ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇත.


සැකකරුවන් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment