නවගත්තේගම පුරාවස්තු සෙවූ 6ක් මාට්ටු

නවගත්තේගම, අංගන්ගල රක්ෂිතයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කැණිම් සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ පුජා භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.


ඔවුන් මීගමුව සහ නවගත්තේගම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment