දිය නාන්න ගිය දරුවන් මරුට

එරාවුර්, තාමරන්කේනී ප්‍රදේශයේ කළපුව අසළ කුඩා ජලාශයක දිය නාමින් සිටි ළමුන් දෙදෙනකු දියේ ගිළී මියගොස් තිබේ.

ඊයේ පස්වරු 6.00 ට පමණ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ 10 හැවිරිදි සහ 11 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.


ඔවුන් එරාවුර් මිච්චිනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි අය වන අතර මෘත ශරීර එරාවුර් රෝහලේ මෘතා ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.


පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතය.



Post a Comment