හිටපු ජනපතිට නොතීසි!

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලාංගාරච්චි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට උසාවිය නොතීසි නිකුත් කර තිබේ.

ප්‍රසන්න සෝලංගාරච්චි මහතා විසින් ගොණු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙර‍ැම මහත්මිය එම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිය බලතල භාවිතා කරමින් සෝලාංගාරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බවට එම පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.



Post a Comment