අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙරට සංචාරයට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය සඳහා සහභාගී වන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සේවා සැපයීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
හෙට සහ අනිද්දා යන දෙදින තුළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.
ඒ අනුව හෙට පෙරවරුවේ දිවයිනේ සියලූම පළාත්වල සිට කොළඹ දක්වා පැමිණීමට සහ දේව මෙහෙයෙන් අනතුරුව බැතිමතුන්ට නැවත තම ගම්බ්ම් කරා යාම සඳහා මෙම විශේෂ බස් රථ ප්‍රවාහන සේවාව සැපයීමට කටයුතු කර තිබේ.
14 වන දා පස්වරුවේ පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මඩු දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීම සඳහා ද විශේෂ ඉල්ලුමක් පවතීනම් ඊට අතිරේක බස් රථ සේවා යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.

Post a Comment