එසේම පසුගියදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහය පළකරමින් එජාපයෙන් ඉවත් වූ තිස්සකුට්ටිආරච්චි ද හරීන් මහඇමති කිරීමට අදාළ දිවුම්රුම් ප්‍රකාශ දුන් අය අතර වන බව අප වාර්තාකරු පැවසීය.
තිස්සකුට්ටිආරච්චි පවසා ඇත්තේ තමන් හිටපු ජනපතිට සහය පළකිරීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බවකි.
ඒ අනූව ඌව පළාත් සභාවට මැතිවරණයෙන් තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 13ක්, පසුගියදා එම පක්ෂයට එක්වු වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඇතුළුව 17 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ මෙලෙස ඉදිරිපත් කර ඇත.
ඔවුන් හරීන් ප්‍රනාන්දු මහතා පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් කරන ලෙසට ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඌව පළාත් සභාවේ සංයුතිය ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵළයේදී දැක්වුණේ සන්ධානයට 19ක්, එජාපයට 13ක් හා ජවිපෙට 2ක් වශයෙනි.

Post a Comment