ඡායා රූ - රාහුල් සමන්ත
හුංගම ,මුලන කච්චිගල්ආර බස්නාවේ සිටින කිඹුලන් ඇල්ලීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් නීති විරෝදී අයුරින් යොදන ලද ගොදුරක් සහිත ඇමකට හසුවී කිඹුලෙකු දැඩි සේ තුවාල ලබා සිටියදී හමුවී තිබේ.
අඩි 11 ක් පමණ දිග හැල කිඹුලෙකු මෙසේ වනජීවී නිලධාරින් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර කිරීමට උත්සහ කළද ගොදුර සහිත ඇම කිඹුලාගේ උදර ප්‍රදේශය දක්වා ගිළී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව ප්‍රදේශයේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතාගේ උපදෙස් මත එම කිඹුලා විශේෂ ශල්‍ය කර්මයක් සඳහා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගිය බව සඳහන් වෙයි.

Post a Comment