දයාසිරිට මහඇමති පුටුවෙන් යන්න කියයි

වයඹ පළාත් සභාව ඉදිරිපිට දී කුරුණෑගල ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වී ඇත.


උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.



Post a Comment