ඇවන්ට් ගාර්ඩ් ලොක්කාට රටින් පිටවීම තහනම්

මතබේදයට තුඩුදුන් ගාල්ලේ නැංගූරම්ලා තිබූ මහනුවර නෞකාවේ අවි ගබඩාවේ සිද්ධියත් සමග එම ආරක්ෂක සේවාව පවත්වාගෙන ගිය ඇවන්ට් ගාර්ඩ් ආරක්ෂක ආයතනයේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති නැමැත්තාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම නි‍යෝගය ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.


ගාලු වරායට සැතපුම් හතක්‌ ඈතින් පිහිටි ජාත්‍යන්තර මුහුදු මාර්ගය මුහුදු කොල්ලකරුවන්ගෙන් රැක ගැනීමට මෙම මහනුවර නැව යොදවා තිබූ බව පැවසුණු අතර ලැබුණු තොරතුරකට අනූව පසුගියදා එය පොලිස් පරික්ෂාවට ලක්විය.


එම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තවදුරට ත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බැවින් එහි සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වාදී ඇතැයි සඳහන්ය.



Post a Comment