විලියම්සන් නවසීලන්තය ගොඩදායි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු සිව් වන එක්දින ක්‍රිකට් තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම කඩුළු දැවි ලකුණු 276ක් ලබා ගත්තේය.


එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 94ක් ලබාගත් අතර කුමාර සංගක්කාර ලකුණු 76ක් ලබා ගන්නා ලදී.


ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ලකුණු ප්‍රමාණය රැස්කර ගන්නා ලද්දේ පන්දුවාර 49.3ක් අවසානයේ සියලුම කඩුළු දැවිගොස් තිබියදීය.


ජයග්‍රාහී ලකුණු ප්‍රමාණය හබා යෑම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48.1 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.


නවසීලන්ත කණ්ඩායම ජයග්‍රාහි ඉලක්කය කරා රැගෙන යෑමට වීශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කළ කේ. එස්. විලියම්සන් ලකුණු 103ක් රැස්කර ගන්නා ලදී.


ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුළු 4ක ජයක් ලබා ගැනීමට සමත් වුණි.



Post a Comment